01 March 2025


ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම අදින් අවසන්



ඊශ්‍රායල සහ හමාස් සටන් විරාම ගිවිසුම අදින් (01) අවසන් කරන බව විදෙස් මාධ්‍යවල වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර යළිත් සටන් විරාම ගිවිසුමක් ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාවක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී ඊයේ (28) ආරම්භ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් දෙරට අතර ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීමද සිදු වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)