01 February 2025


තවත් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය සැරසෙයි



ගාසා සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 03 දෙනෙක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තවත් පලස්තීන සිරකරුවන් 183 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සටන් විරාම ගිවිසුම ආරම්භ වූ දින සිට සිදු කරන 04වන සිරකරු හුවමාරුවද මෙය වනවා.

පසුගිය සතියේදී පලස්තීනය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 08 දෙනෙක් සහ ඒ වෙනුවට ඊශ්‍රායල භාරයේ සිටි පලස්තීනුවන් 110ක් නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)