13 June 2026

logo

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ නැවත විවෘත වෙයි



ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමූ බෙන් ගුරියොන් ගුවන්තොටුපළ දින 5කට පසු මෙලෙස නැවත විවෘත කර තිබෙන බවයි. 

ඊශ්‍රායලයේ පුද්ගලයන් රැගත් පළමු ගුවන්යානය ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිට අද (05) උදෑසන බෙන් ගුරියොන් ගුවන්තොටුපළට ළඟා වී තිබෙනවා. 

ගුවන් සීමාව වසා දැමීම නිසා ඊශ්‍රායලට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ඊශ්‍රායල වැසියන් 100,000ක් පමණ නැවත රැගෙන ඒමට එරට ගුවන් සේවාවල සහය ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)