colombotimes.lk
සිංහල | English

08 May 2024

යාපනයේ සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නවත්වයි



ජූලි පළමුවැනිදා සිට සිකුරාදා සහ ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට කටයුතු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවබාලසුන්දරම් මහතා පවසනවා. 

9 වැනි ශ්‍රේණියේ පන්ති සඳහා සිකුරාදා සවස සහ ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බවයි ඔහු පවසන්නේ. 
 
යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, පෞද්ගලික උපකාරක පන්ති හිමියන්, ගුරුවරුන් සහ ළමා සංවර්ධන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සමඟ සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. 
 
සෑම පෞද්ගලික උපකාරක පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා සන්ධාන කළා. 
 
එමෙන්ම දිස්ත්‍රික්කය තුළ ඇති සෑම පෞද්ගලික උපකාරක පන්තියකම සනීපාරක්ෂක පහසුකම් සපුරාලිය යුතු බවද ඔහු සඳහන් කරනවා.
(colombotimes.lk)