වලාකුළු තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පවතින බවට ජපන් විද්‍යාඥයින් පිරිසක් විසින් තහවුරු කර තිබෙනවා.
නමුත් මෙය ලෝකයේ දේශගුණ තත්ත්වයන් සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් නිශ්චිතවම පැවසිය නොහැකි බවයි ඔවුන් සඳහන් කළේ.
ජපන් විද්‍යාඥයන් විසින් කඳු මුදුන් වැසී ඇති මීදුමෙන් ජලය රැස් කිරීම සඳහා ෆුජි කන්ද සහ ඔබමා කන්ද තරණය කර තිබෙනවා.
මෙහිදී ලබාගත් සාම්පල පරික්ෂා කර බලමින් භෞතික හා රසායනික ගුණාංග තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මයික්‍රොමීටර 7.1 සිට 94.6 දක්වා ප්‍රමාණයෙන් යුත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් වර්ග නවයක් සහ රබර් වර්ගයක් හඳුනා ගෙන තිබුණා.
මීට අමතරව පරීක්ෂා කරන ලද සෑම ජල ලීටරයකම (ගැලුම් 0.26) ප්ලාස්ටික් කැබලි 6.7 සිට 13.9 දක්වා අඩංගු වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)