12 May 2025


පලස්තීනයේ සාමය ස්ථාපිත කිරීම ගැන ජීවන්ගෙන් උපදෙස්



හැකි ඉක්මනින් පලස්තීනයේ සාමය ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කලනිති සුහයිර් හම්දල්ලා මහතා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය තොණ්ඩමන් මහතා මේ බව පවසා තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමඟ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්, නියෝජ්‍ය උපසභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාජදුරෙයි යන මහත්වරුද එක්ව තිබුණා.

වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටි තොණ්ඩමන් අමාත්‍යවරයා යුද්ධයෙන් මියගිය ජනතාව පිළිබඳ සිය ශෝකය ද පළ කළා.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවාසීන්ගේ ස්ථාවරයේම සිටින බවත් යුද්ධය කිසිදු ගැටලුවකට විසඳුම නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)