ඇමෙරිකාවේ ඩොලර් ට්‍රිලියන 31යි දශම 4ක වත්මන් ණය සීමාව ඉහළ දැමීමේ කෙටුම් පතට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් කර තිබෙනවා.
ඒ, ඇමෙරිකානු ආර්ථිකයට සහ ගෝලීය ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය කරමින්.
ඇමෙරිකාවේ මූල්‍ය වගකීම් ආවරණය කිරීම සඳහා රජය සතුව තිබූ අරමුදල් ප්‍රමාණවත් වූයේ තවත් දින දෙකකට පමණක් බවයි වාර්තා වන්නේ.
එහෙත් නව පනතට අනුව, ණය සීමාව ඉහළ දැමීම හරහා, ඇමෙරිකාවේ බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබා ගත හැකි උපරිම ණය ප්‍රමාණය ඉහළ යනු ඇති බව සඳහන්.
(colombotimes.lk)