02 June 2025


ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අතර හමුවක් සිදු වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවූ බවයි.

(colombotimes.lk)