02 June 2025


කාලිංගට කොරියාවේදී පදක්කමක්



දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්.

එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය කළ කාලය තත්පර 45.55ක්.

මෙම ඉසව්ව තත්පර 45.33කින් අවසන් කළ කටාර් රාජ්‍යයේ ඊබ්‍රහිම් විසින් රන් පදක්කම හිමි කරගෙන තිබෙනවා.

 
(colombotimes.lk)