මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (23) නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන දෙසැම්බර් මස 02වනදා දක්වායි.
තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වන විට රැඳවුම් භාරයේ පසුවන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ එකඟත්වය මත මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
