2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඒ අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
ගුරු - විදුහල්පති සංගම් සඳහන් කළේ නොවැම්බර් 7වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බවයි.
(colombotimes.lk)
