colombotimes.lk
සිංහල | English

01 July 2024

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්



හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හත් දෙනෙක් මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම පිරිස ජූලි 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ බවයි වාර්තා වන්නේ.

ඒ ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලීන් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පැවති නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)