තමන් නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ අද (18) පාර්ලිමේන්තුවේදී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම අපහාසය එල්ල වන්නේ තමන්ට නොව සමස්ත නීති පද්ධතියට බවයි.
එමෙන්ම තමන් තනියම AC කාමරයක විභාගය ලියූ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීකමෙන් ඉවත් වන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු සඳහන් කළා.
(colombotimes.lk)