18 December 2024


PAYE බදු සීමාව සංශෝධනය වන ආකාරය ප්‍රකාශයට පත් කරයි



උපයන විට ගෙවන බද්දෙහි (PAYE) බදු සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් IMF තුන්වන සමාලෝචනයේදී ඇති කරගත් එකඟතා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රු. ලක්ෂ 05 සිට රු. ලක්ෂ 10 දක්වා සංශෝධනය කිරීමට රජය සමත් වූ බවයි.

ඒ අනුව උපයන විට බදු සීමාව සංශෝධනය වන ආකාරය පහතින්,

රු. 150,000ක මාසික වැටුපක් ලබාගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 100%ක් නිදහස්.

රු. 200,000ක මාසික වැටුපක් ලබාගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 71%කින් නිදහස්.

රු. 250,000ක මාසික වැටුපක් ලබාගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 61%කින් නිදහස්.

රු. 300,000ක මාසික වැටුපක් ලබාගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 47%කින් නිදහස්.

රු. 350,000ක මාසික වැටුපක් ලබාගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 25.5%කින් නිදහස්.

(colombotimes.lk)