18 December 2024


පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්



වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල්වතු හිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිවයිනට ආනයනය කළ පොහොර මෙට්‍රික් ටොන් 55,000න් මෙට්‍රික් ටොන් 27,500ක් පොල්වතු හිමියන්ට ලබාදෙන බවයි.

එමෙන්ම ලබන වසර වන විට පොල් අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)