29 March 2025


කැලණි සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් දෑස් පියාගනියි



පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්. ඩී. ජී. ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිඳද අද (26) මිය ගොස් තිබෙනවා.

ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
 
එම අනතුරෙන් මිය ගිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ බිරිඳ 42 හැවිරිදි වියේ පසුවන විශ්වවිද්‍යාල කථිකාචාර්‍යයවරියක්.

(colombotimes.lk)