ගත වූ පැය 22 තුළ වැඩිම වර්ෂාපතනයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට මිලිමීටර 204ක වර්ෂාපතනයක් පතිත වූ බවයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මි.මී 145.5ක් සහ වතුපිටිවලට මි.මී 105.5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මි.මී 102.5ක් සහ හොරණට මි.මී 101.5ක වැස්සක් ලැබී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
(colombotimes.lk)
