13 December 2025

logo

උණුසුම් කාලගුණය තවදුරටත් - ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුම්දීමක්



පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්.

මෙම නිවේදනය හෙට (17) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.

එම කාලය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද එම නිවේදනය මඟින් දැනුවත් කරතිබෙනවා.

ඒ අනුව වැඩ බිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.


 
(colombotimes.lk)