colombotimes.lk
සිංහල | English

18 October 2024


LPL 2024 - JK Vs KF - | වනිඳුගේ නුවරට හිමි වූ දැවැන්ත ඉලක්කය



LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy Falcons කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් රැස් කිරීමට සමත් වුණා.  

LPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවන ඉහලම ලකුණු සංඛ්‍යාව මෙයයි.

එහිදී පැතුම් නිස්සංක පන්දු 59කින් ලකුණු 119ක් රැස් කර ගත් අතර ඔහුගේ ශතකය වාර්තා අතරට එක් වුණේ LPL ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය ලෙසයි .

එමෙන්ම LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙක් එක් ඉනිමක රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක් වුණා.

පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා Kandy Falcons කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 225ක්.

(colombotimes.lk)