11 July 2025

logo

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අක්කර 46ක් අඩු මුදලකට බෙදා ගනියි



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පර්චසය රු 1,000 බැගින් අක්කර 46ක ප්‍රමාණයක් එම කොමිෂමේ නිලධාරීන් අතර බෙදාගෙන ඇති බවට ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ බව පසුගිය දා විගණන වාර්තාවකින් අනාවරණය කර තිබුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නිත්‍යානුකූල නොවන අයුරින් එහි නිලධාරීන් 373 දෙනෙකු සඳහා එලෙස පර්චස් 20 බැගින් ලබා දී ඇති බව සඳහන්.

විගණන වාර්තාවේ දක්වා ඇත්තේ, අදාළ කොමිෂන් සභාවේ වසර 5ක් අඛණ්ඩව සේවය කළ සේවකයන්ට 2009 වසරේ සිට 2022 වර්ෂය දක්වා මේ ආකාරයෙන් ඉඩම් ලබා දී ඇති බවයි.
(colombotimes.lk)