22 November 2024


දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



දිවයින පුරා පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වලට තවදුරටත් දිර්ඝ කළ බවයි.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර කුරුණෑගල හා මාතර යන දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)