31 January 2025


ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට



ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුකදීයි.

වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76ක් දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු සඳහන් කළේ ලංකාවේ ආයු අපේක්ෂාව වැඩිවීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව හේතු වී ඇති බවයි.

(colombotimes.lk)