ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහය ලබා දෙන බව එහිදී ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්‍රිසියෝ ද ඔලිවෙයිරා ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනින ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ සහතික වූ බවයි.