ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම රිය අනතුරක් සිදු වී තිබෙනවා.
එම රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පිටුපස අසුනේ ගමන් කළ පිරිමි පුද්ගලයෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් තිදෙනෙක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස එක් දැරියක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස මියගිය දැරිය වයස අවුරුදු 06ක් වූ කුරුඳුවත්ත, පිටිගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)