22 November 2024


මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන්ට ඇප



2012 වසරේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයේදී ලක්ෂ 52ක දේපළවලට අලාභ සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් 24 දෙනෙක් අද (04) ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාල නඩුව අද මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියේ සැකකරුවන් 43 දෙනෙක් චෝදනාවලට වරද පිළිගැනීමට එකඟ වූ අතර මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන යන පුද්ගලයාට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටද විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම මීළඟ නඩු දිනය වන විටදී එක විත්තිකරුවෙක් විසින් රුපියල් 7,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවටද, මැගසින් බන්ධනාගාරයට සිදුවූ රුපියල් ලක්ෂ 52කට වැඩි අලාභයක් වෙනුවෙන් දෙසැම්බර් 13 වනදාට පෙර එක් විත්තිකරුවෙක් රුපියල් 122,000 බැගින් වන්දි ගෙවිය යුතු බවටත් විනිසුරුවරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)