රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාරව ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහුව අද (17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මෙලෙස මුදාහැර තිබෙනවා.
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර පසුගිය දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)