01 May 2026

logo

දිවයින පුරා මැයි රැළි රැසක්



ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මෙරට දේශපාලන පක්ෂ රැසක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැළි කිහිපයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
 
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය, මෙවර මැයි රැළි 21ක් දිස්ත්‍රික්ක 21කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන රැළි සඳහා එක්වීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී සර්වජන බලය සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වෙනවා. 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතයි. 

(colombotimes.lk)