වසරේ ගත වූ කාල සීමාව තුළ අධිකරණ මඟින් රියදුරු බලපත්ර 3000කට අධික ප්රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කළේ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවයි.
රියදුරන් විසින් සිදු කළ විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණය විසින් අදාළ රියදුරු බලපත්ර මෙලෙස තාවකාලිකව අවලංගු කර තිබෙනවා.
(colombotimes.lk)