2024 වසරේ දෙසැම්බර් 14වනදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරු 12කින් පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරුවලින් පුද්ගලයන් 05දෙනෙක් බරපතළ තුවාල ලබා තවත් පුද්ගලයන් 77දෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි.
මෙම අනතුරුවලින් බොහොමයක් සිදු වී තිබෙන්නේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)