22 May 2026

logo

සාගරිකා දුම්රියේ කාර්ය මණ්ඩලයේ වැඩ තහනම්



බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24වැනිදා පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' දුම්රියේ ගමන්කල කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)