17 July 2025

logo

මස්කෙළිය - නල්ලතන්නිය පාරට ගල් පෙරළෙයි



මස්කෙළිය - නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ, මෝහිණි ඇල්ල අසලින් ප්‍රධාන මාර්ගයට විශාල ගල් කිහිපයක් පෙරැළීම නිසා එම මාර්ගයේ ගමනාගමනය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එක් මංතීරුවකට සීමාකර තිබෙනවා. 

කඳු මුදුනේ සිට විශාල ගල් කිහිපයක් පසුගිය දිනවල ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පැවසුවා. 
 
කඳු මුදුනේ තවත් විශාල ගල් කිහිපයක් පහළට පෙරැළීමේ අවධානමක් පවතින බවත්, මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම පහළට පෙරැළීමේ අවධානමක් සහිත ගල් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි නිලධාරීන් පැවසුවේ.
(colombotimes.lk)