ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අදාළ ගැසට් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට අවසරය හිමිවනවා.
ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුන්ට නීතිමය බලය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)