14 May 2025


ප්‍රාථමික රෝහල්වලට ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ඖෂධ



ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, මාස 3කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉතා නුදුරේදීම භාර දෙන බවයි.
(colombotimes.lk)