වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ වහලය මත ලොව ප්‍රසිද්ධම චිමිනිය සවි කිරීමේ කටයුතු ආරම්භ කළ බව වතිකානය නිවේදනය කළා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගහස්ථවීමෙන් අනතුරුව හිස්වූ පාප් ධූරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07වනදා පැවැත්වීමට නියමිතයි.
එහිදී නව පාප්වරයෙක් තේරී පත් වී ඇති බව නිවේදනය කරන දුම දැකීමට සියලුදෙනාගේම ඇස් මෙම චිමිනිය දෙසට යොමුවනවා.
එමෙන්ම මැයි මස 7වන දින පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන හෙයින් සිස්ටයින් දේවස්ථානය මේ වන විට වසා දමා ඇති අතර එහි පාප්වරණය වෙනුවෙන් අවශ්‍ය සියලුම දේවල් කාර්ය මණ්ඩලය විසින් සූදානම් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
මෙවර පාප්වරණය සඳහා කාදිනල්වරුන් 135ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.
වතිකානයේ සිස්ටයින් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.
(colombotimes.lk)