20 December 2024


මිහින්තලාවේ හිමිගෙන් රජයට දොස්



රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසනවා. 

එමෙන්ම ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම උතුරු මැද පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මගහැර ඇති බව නායක හිමියන් ප්‍රකාශ කළා. 
 
පොසොන් උත්සවය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. 
 
මේ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර, උතුරු මැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුණා.
(colombotimes.lk)