20 December 2024


නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්



කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුනීසා හේසානි රුද්‍රි අද (20) නියෝග කළා.

පසුගියදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.  

ඒ රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන්.


(colombotimes.lk)