20 December 2024


උත්සව සමයේ පොලිස් ආරක්ෂාව තර කරයි



එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමඟ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

මේ අතර දිවයින පුරා දේවස්ථාන, වෙළෙඳසැල් ඇතුළු තදබදයන් පවතින පොදු ස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)