මිහින්තලේ නාහිමියන් ජනපති ඡන්දෙට?



ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව රටේ ඕනෑම තැනකට යාමට සූදානම් බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ජනතාවගෙන් දැනටමත් ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව ධම්මරතන හිමියන් කියා සිටියා.

(colombotimes.lk)