බස් ගාස්තු අඩු කරන්න ඇමතිටත් බැරි වෙයි



බස් ගාස්තු අඩු කිරීම විෂයභාර ඇමතිවරයා ලෙස තමන්ටවත් දේශපාලන අධිකාරියටවත් කළ හැකි කාර්යයක් නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ව්‍යවස්ථාදායකය විසින් පත් කර ඇති ජාතික ගමනාගමන කොමිසම මඟින් එය සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(colombotimes.lk)