මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණයෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තම වගා බිම්වලට හානි වූ බවට ගොවීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණිලි කළ බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහාරච්චි සඳහන් කළේ ඔවුන්ගේ ගොවිබිම් අක්කර දෙලක්ෂකට අධික සංඛ්‍යාවක් හානියට පත්වී තිබෙන බවයි.
මේ පිළිබඳ තක්සේරු කිරීම් අද (11) සිට ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)