31 January 2025


පසුගිය වසරේ මෙරටින් හමුවූ ලාදුරු රෝගීන් දහස ඉක්මවයි



පසුගිය වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1500ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

එය සමස්ත රෝගීන්ගෙන් 40%ක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඇය කියා සිටියේ ලාදුරු මර්දන මාසය මේ වන විට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම වැඩි කර ඇති බවද ඇය ප්‍රකාශ කළා.

(colombotimes.lk)