25 April 2025


මිද්දෙණිය ඝාතනයේ යතුරුපැදිකරුවෙක් අත්අඩංගුවට



අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කළ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මියගොස් තිබුණා.

(colombotimes.lk)