මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා මහතාට ඇති ජීවිත තර්ජන සහ දැඩි මානසික ආතතිය හේතුවෙන් ඔහු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරුවරයා පවසනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා තිබෙනවා.
එම ලිපියට අනුව ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වන බවයි සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම තර්ජන සහ බලපෑම් ප්‍රධාන වශයෙන් පැන නගින්නේ ඔහු මතභේදාත්මක කුරුන්තිමලේ පුරාවිද්‍යා ස්ථාන නඩුවලට සම්බන්ධ වීම නිසා බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)