20 February 2026

logo

NPP පක්ෂ නායකයන් අද මැතිවරණ කොමිසමට



ජාතික ජන බලවේගය පක්ෂ නායකයන් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

(colombotimes.lk)