colombotimes.lk
සිංහල | English

01 July 2024

PHOTOS | මහජන බැංකුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්



එක්සත් ජාතීන්ගේ පොදු සමුළුව මඟින් සෑම වර්ෂයකම ජුනි 27 වන දින ලෝක ක්ෂුද්‍ර - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරනු ලබනවා.   

ඊට සමගාමීව මහජන බැංකුවේ ලෝක ක්ෂුද්‍ර - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සැමරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා.

ඒ කොළඹ 05 මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

එම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමණාකාරිත්වය සහභාගී වුණා.

එහිදී මහජන බැංකුව විසින් 'People’s Spark' නැමැති නව ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නා.

එම ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම් කළ ගනුදෙනුකරුවන් 15 දෙනෙකු වෙත ණය මුදල් පිරිනැමීමද එහිදී සිදු වුණා.

එමෙන්ම දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ අවස්ථාව සලසමින් ප්‍රාදේශික මට්ටමින් වෙළඳ ප්‍රදර්ශන 24ක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා.