නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ඕක්ලන්ඩ් නගරයට පසුගිය සිකුරාදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය විසන්ධි වී ඇති බව ද සඳහන්.
පැය 15 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අධික වැසි හටගැනීමත් සමඟ ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා.
මේ අතර ජල ගැලීම් සමඟ ගුහාවක සිරවී සිටි පාසල් සිසුවෙකු මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)