ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 150කට සීමා කළ යුතු බව වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම් අධීක්ෂණය කිරීම සඳහා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එම කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උපරිම වශයෙන් දේශීය සිවිල් සිසුන් 100දෙනෙක් ඇතුළත් කර ගත යුතු බවයි.
ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශිකයන් සහ දේශීයයන් යන අනුපිළිවෙලින් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)