colombotimes.lk
සිංහල | English

30 June 2024

රජයේ විධායක නිලධාරීන්ගේ නව වැටුප මෙන්න



රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 15,000ක් ලෙස පැවති ඔවුන්ගේ දීමනාව රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම නව වැටුප් ලබන ජූලි මස 01 වනදා සිට සංශෝධනය කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍රලේඛනය ඊයේ (27) නිකුත් කර තිබෙනවා.
 
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
(colombotimes.lk)