colombotimes.lk
සිංහල | English

02 July 2024

පිට ගිය තැපැල් දුම්රිය නැවතත් හරි පාරට



බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයි විසින් පීලි පැනීමට ලක් වූ දුම්රියේ එන්ජිම යළි පීලිගත කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(colombotimes.lk)