colombotimes.lk
සිංහල | English

30 June 2024

ජනාධිපතිවරණයකදී වටින්නේ ඡන්දදායකයා - වරුණ රාජපක්ෂ



ජනාධිපතිවරණයක ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වන්නේ ඡන්දදායකයා බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වරුණ රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වසර දෙකකට පෙර ජනතාව ඡන්දය, 225, ජනාධිපති, අගමැති එපා කියන මතයක සිටියත් මේ වන විට එය වෙනස් වී ඇති බවයි.

නැවතත් ජනතාව වසර දෙකකට පෙර කාලයට නොව වසර දෙක ඇතුළත සිදු වූ වෙනස්කම් හේතුවෙන් ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඔවුන්ට තේරුම් යන ආකාරයට ජනතාව වසර දෙකක කාලය ඇතුළත වෙනසක් කෙරූ පුද්ගලයා බලයේ රඳවා ගැනීමට කටයුතු කරන බවයි.

Colombo Times Round Table වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඊට අදාළ සාකච්ඡාව නැරඹීමට පහත link එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=HIcLEyDbL1w

(colombotimes.lk)